Home » අධිවේගී මාර්ගයන්හී 70ට අඩුවෙන් ගියොත් මොකද වෙන්නේ

අධිවේගී මාර්ගයන්හී 70ට අඩුවෙන් ගියොත් මොකද වෙන්නේ

70 on highways

අධිවේගී මාර්ගයන්හී උපරීම වේග සීමාව පැයට කිලෝමීටර් 100කි. කෙසේ වෙතත් මේ වන විට අවම වේග සීමාවක් ද හඳුන්වා දීමට කටයුතු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බව ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව, අවම වේග සීමාව පැයට කිලෝ මීටර් 60 හෝ 70 විය හැකි බවත්, මේ වන විට නියමිත වේග සීමාවට වඩා අඩු වේගයකින් ධාවනය වන වාහන නිසා අනතුරු සිදුවීම බහුල බවත් හඳුනාගෙන මෙම තීරණය ගෙන ඇත බව පැවසේ.
ප්‍රවහන හා මහා මාර්ග අමාත්‍යාංශය ඉදිරියේදී මේ සම්බන්ධව අදාළ අංශ සමඟ සාකච්ඡා කර නව නීති පැනවීමටත් ඒ පිළිබඳව සියලු රියදුරන් දැනුවත් කිරීට නියමිත බව වාර්තාවේ.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments