Home » ඇමරිකානු සෙනෙට් සභිකයින් මාර්ක් සකබර්ග් ඇතුළු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් පැය හතරක් පමණ ප්‍රශ්න කරයි

ඇමරිකානු සෙනෙට් සභිකයින් මාර්ක් සකබර්ග් ඇතුළු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් පැය හතරක් පමණ ප්‍රශ්න කරයි

Mark Zuckerberg

2024 ජනවාරී 31 දින ඇමරිකානු සෙනෙට් සභිකයින්ට විශේෂ දවසක් විය. ඒ මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඇතුළු ලොව ප්‍රමුඛ සමාජ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකුගෙන් නූතන සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව ප්‍රශ්න කිරීමට අවස්ථාවක් උදාවීම නිසාය.

අදාළ ප්‍රශ්න කිරීමේදී සෙනෙට් සභික නීති සම්පාදකයින්ට අවශ්‍ය වූයේ අන්තර්ජාලය හරහා ළමයින් ආරක්ෂා කිරීමට සමාජ මාධ්‍ය ප්‍රධානීන් කුමක්ද යන්න දැන ගැනීමටයි.

මාර්ක් සකර්බර්ග්ට අමතරව, TikTok, Snap, X සහ Discord යන සමාජ මාධ්‍ය ජාලා ප්‍රධානීන් මෙම ප්‍රශ්න කිරීමට කැඳවා තිබුණි.

සමාජ මාධ්‍ය ජාලයන්හී අන්තර්ගතවන කරුණුවල  ප්‍රතිඵලයක් ලෙස තම දරුවන්ට ස්වයං-හානිකර හෝ සියදිවි නසාගත් බව පැවසූ පවුල් කිහිපයක සමාජිකයින්, සමාජ මාධ්‍ය ප්‍රධානීන් පස්දෙනා පිටුපස වාඩි වී සිටිම ද විශේෂත්වයකි. පැය හතරකට වඩා වැඩි වේලාවක් පැවති උණුසුම් ප්‍රශ්න කිරීමේදී,  මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින් සමාජ මාධ්‍ය මගින් තම දරුවන්ට හානි කළ බව පවසන පවුල්වලින් සමාව අයැද තිබෙන බවද ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණි.

Share this News

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x