අර්බුධ ජයගත හැකි මාර්ගය ජනපති කියයි
“අනුන් විවේචනය කර කර සිටීමෙන් අර්බුද ජයගත් අවස්ථාවක් ලෝකයේ කිසි තැනක නෑ. අප අපටම පහනක් වුණේ නැත්නම්, අපේ සිතිවිලි, අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නෑ. රටට යහපතකුත් නෑ. අර්බුදයට විසඳුමකුත් නෑ. ක‍්‍රම වෙනසක් නැතිනම්, සිස්ටම් චේන්ජ් ගැන උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටෙක ක‍්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වෙන්නේ නෑ.” යනුවෙන් අද (07දින) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කරමින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරමින් කළ විශේෂ කථාව තුළ ඉහත අදහස අන්තර්ගත වීම විශේෂත්වයක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුව වර්ජනය කරමින් සභාගර්භයෙන් නික්ම ගොස් ඇති බව ද වාර්තා වනවා.
කෙසේ වුවත්, විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොටසක් සභාගර්භයෙන් පිටව ගිය ද රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,ඉෂාක් රහුමාන් , වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි සහ ෆයිසල් කාසිම් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දස දෙනෙකුට ආසන්න පිරිසක් සභාගර්භයේ රැඳී සිටී බව ද වාර්තා වේ.
ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2023.02.08 වැනිදා පෙ.ව. 9.30 දක්වා සභාව කල් තැබීම සිදුවිය.
Share this NEWS