Home » නව රජයෙන් සහල් හිඟයට පිළියමක්.

නව රජයෙන් සහල් හිඟයට පිළියමක්.

වෙළඳපොළ තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් මසකට නාඩු සහල් (ස්වර්ණ නාඩු) මෙට්‍රික් ටොන් 70,000ක උපරිම සීමාවකට යටත්ව ආනයනය කර පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට රජය තීරණය කර තිබේ.

මෙම සහල් දෙසැම්බර් 15දාට පෙර ආනයනය කර ජනතාවට ලබාදීමට නියමිත අතර සතොස හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම සහල් ආනයනය කිරීමට නියමිතය.

කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙස පවත්වා ගැනීමට රජය තීරණය කර ඇති අතර මිල ඊට වඩා අඩුවිය හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතින් පැවැසී්‍ය.

එසෙම සංඛ්‍යා ලේඛණ අනුව සහල් අතිරික්තයක් පෙන්නුම් කළත් වෙළඳපොළ තුළ සහල් නොමැති බවද ඔහු පැවැසීය. ශ්‍රී ලංකාවේ මසක නාඩු සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 145 000ක් පමණ වන බවද අමාත්‍යවරයා පැවැසීය. 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments