ශ්රී ලංකාවට ලකුණු 3ක ජයක්
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පළමු T20 තරගය Sylhet ක්රීඩාංගණයේ පැවැත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් වේගවත් ලකුණු 59 ක් හා සධීර සමරවික්රම ලකුණු 61 ක් හා නායක චරිත් අසලංක ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් Rishad Hossain හා Taskin Ahmed හා Shoriful Islam කඩුලු 1 බැගින් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ජයග්රහණය සඳහා බංගලාදේශයට ලකුණු 207 ක ඉලක්කයක් හිමි විය.
ලකුණු 207 ක ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 203 ක් පමණි.
පන්දුවට පහරදීමේදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් Jaker Ali ලකුණු 68 ක් හා Mohammad Mahmudullah ලකුණු 54 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්රී ලංකාව වෙනුවෙන් ඇන්ජිලෝ මැතිව්ස්, දසුන් ශානක, බිනුර ප්රනාන්දු කඩුලු 2 බැගින්ද මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ කඩුලු 1 බැගින්ද බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 3ක ජයක් ලබා ගැනීමට සමත් විය.
ලකුණු පුවරුව පහතින්,