ක්‍රීඩා ඇමති හරීන් හදිසියේම දියගම යයි
දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මෙතෙක් ඉදිකර ඇති පහසුකම් සහ එහි වත්මන් තත්වය පිළිබඳව සොයා බලමින්, ක්‍රීඩාංගණයේ නවීකරණය යුතු ස්ථාන හඳුනාගෙන ඉතා කඩිනම් සැලැස්මක් අනුව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අද (15 දින) සිය නිරීක්ෂණයට ලක් කළේය.
එම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ මහේසන් මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයීය නිලධාරීන් පිරිසක් සහභාගී විය. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක්, ශ්‍රී පාපන්දු සම්මේලයේ සභාපති ජස්වර් උමාර් මහතා, ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් ද සහභාගී වීම විශේෂත්වයක්.
අඩක් ඉදිකර දැනට භාවිතයට ගෙන නොමැති ගෘහස්ත ක්‍රීඩාගාරය, පිහිණුම් තටාකය, ක්‍රීඩා නේවාසිකාගාරය, බේස්බෝල් පිටිය, මීටර් 400 නව මළල ක්‍රීඩා ධාවන පථය, මීටර් 400 පැරණි මළල ක්‍රීඩා ධාවන පථය අමාත්‍යවරයා ඉතා සියුම්ව නිරීක්ෂණය කරන ලදී.
දියගම ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේම අක්කර 36කින් යුතු භුමි කොටසක ඉදිකිරිමට යෝජිත ආසන 50000කින් යුතු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පරිශ්‍රය සඳහා වෙන්ව ඇති භුමිය ද මෙහිදි ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වු අතර, ඉතා කඩිනමින් එහි කටයුතු ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රය තුළ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගණයක් සහ ටෙනිස් ක්‍රීඩාගාරයක් ඉදිකිරිමට අති හැකියාව පිළිබඳව ද මෙම නිරීක්ෂණ චාරිකාවේදී අවධානය යොමුවීම ද විශේෂ කරුණකි.
දැනට ඉදිකර නවතා දමා ඇති ක්‍රීඩාංගණ පරිශ්‍රයේ සියලුම අංග මෙරට පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරග පැවැත්විය හැකි පරිශ්‍රයක් බවට ඉතා කඩිනමින් පත් කිරීමට කටයුතු කරන ලෙස සහභාගී වු නිලධාරීන්ට වැඩිදුරටත් ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කළා.
මේ වන විට දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පරිශ්‍රය ක්‍රීඩා අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් නඩත්තු කරමින් සිටී.
Share this NEWS