Home » නවීකරණය කරන ලද රංගිරි දඹුලු ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කරයි

නවීකරණය කරන ලද රංගිරි දඹුලු ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කරයි

රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පිහිනුම් තටාකය, දිවා රාත්‍රී තරග සඳහා නවීකරණය කළ ආලෝක පද්ධතිය අති උත්කර්ෂවත් අන්දමින්, ඉඩම්, සංචාරක සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ ආරාධනයෙන්, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් අද දින (05) ජනගත කරන ලදී.
එම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පක්ෂ දේශපාලනයෙන් තොර ප්‍රාදේශීය දේශපාලන නායකයන් රැසක් එක්ව සිටීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර, සංචාරක ඇෆ්ඝනිස්තාන් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර T20 තරග තුන මෙම ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x