Home » රනිල් වික්‍රමසිංහ ඉතිහාසයේ විශාලතම සමාජ පෙරලිය අරඹයි – සියරටවැකිය

රනිල් වික්‍රමසිංහ ඉතිහාසයේ විශාලතම සමාජ පෙරලිය අරඹයි – සියරටවැකිය

Ranil Wickramasingha

ශ්‍රී ලංකාවේ වර්ග කිලෝ මීටර් 65610ක භුමියෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් ඈත අතිතයේ සිටම රජය සතු විය.  “අතීතයට සාපේක්ෂව වර්තමාන සමාජයේ දේපල අයිතිය කිසියම් නීතිමය ක්‍රියාදාමක් තුළ ක්‍රියාවට නැගෙන්නකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර දක්නා සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන “උරුමය” හෙවත් සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමෙන් බලා පොරොත්තු වන්නේ උපන් බිමේ එකඳු බිම් අඟලක හෝ අයිතියක් නොමැති විසිලක්ෂයක් ජනතාවට නීතිමය ක්‍රියාදාමයක් තුළ සිය ඉඩමට ගෞරවාන්විත සින්නක්කර අයිතිය ලබා දීමයි.”

අදටත් ශ්‍රී ලංකාවේ ගැමි ආර්ථිකය කෘෂීකර්මාන්තය සමග බැඳී ඇති බැවින්, ඉඩම් අයිතිය යනු එහි පදනමයි. ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු පාලන සමයේදී ද රටේ සියලුම ඉඩම්හී අයිතිය රජු සතු විය. කාලයත් සමග ඉතා සීමිත ඉඩම් ප්‍රමාණයක් පරවැසියන් සතුවිය. පෘතුගිසීන්ගේ සමයේ ඉඩමි සඳහා තෝම්බු සකස් කෙරෙනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේ කිසියම් ආකාරයකට හෝ මෙරට සාමාන්‍ය ජනයා වෙත තිබූ ඉඩම් නැවත රජය සතු කරගෙන ධනවතුන්ට අලෙවි කරන ලදී.

නිදහස් ලංකාවේ අවස්ථා කිහිපයක දී ඉඩම් ජනසතු කිරීම් යටතේ පෞද්ගලික අංශයේ ඉඩම් නැවත රජයට පවරා ගන්නා ලදී. කෙසේ වුවත්, ජනතාව වෙත විවිධ රජයන් ඉඩම් ලබා දීම් සිදු කළ ද එම ඉඩම් සැබෑ ලෙසම එම පුද්ගලයන්ට අයිති ද යන්න ගැටලු සහගතය. ඇතැම් ඉඩම් තැගී ඔප්පු සේ විය. තවත් සමහරක් තාවකාලික බලපත්‍ර ලෙස ලබාදුන් ඉඩම් ය, ඇතැම් ඉඩම් බදු පදනම යටතේ ලබා දී ඇත.

කිසියම් දේපලක් තමන්ගේම දේපලක් වීමට නම් එම දේපල සතුව මතු දැක්වෙන ලක්ෂණ හතර තිබිය යුතු බව නෛතිකව තහවුරු වන්නකි. භුක්ති විඳීම සඳහා පැහැදිළි අයිතියක් තිබීම, අයිතිවාසිකම් නිරවුල්ව අර්ත දක්වා තිබීම, පවරා දීමේ හැකියාව සහ හිමිකමේ ඇති වලංගු භාවය තහවුරු කර තිබීම.

ඉඩම්, සංචාරක සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (05 දින) දඹුල්ලේ දී ලබාදුන් ඉඩම්වල සින්නක්කර අයිතිය තහවුරු කර තිබුණි. ඇරඹි නව ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන තුළින් මෙරට විසිලක්ෂයක් වු ජනතාවට සිය ඉඩමේ  පැහැදිළි අයිතිය, එම අයිතියේ නිරවුල් බව, අවශ්‍ය ඕනෑම විටක පවරා දිය හැකි සහ සිය ඉඩමේ වලංගු භාවය මැනවින් තහවුරු කරදුන් සින්නක්කර ඔප්පුවක් වීම විශේෂත්යකි.

මෙරට ජනතාවගෙන් විසිලක්ෂයකට සින්නක්කර නිරවුල් ඉඩම් අයිතිය පැවරීම තුළ ඉඩම් පිළිබඳව ජනතාවගේ හැඟීම, බැඳීම නවමු මාවතකට ප්‍රවිශ්ඨ කරවන්නකි. නිරවුල් ඉඩම් අයිතිය පුද්ගලයකුගේ වත්කම්වලින් පිරිපුන් බව, සමාජයීය පිළි ගැනීම, නිවහල් බව සහ ස්වාභිමානයට මඟපාදවන්නකි.

විසිලක්ෂයකට සින්නක්කර ඉඩම් අයිතිය පැවරීම සැබෑ සමාජ පරිවර්තනයක ඇරඹුම ලෙස “සියරට” හඳනුවන්නේ ඉහත පසුබිම තුළය.

ඔබගේ අදහස් සඳහා විවෘතයි

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x