පැතුම් – අවිශ්ක නොදැවි 177යි
සංචාරක ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන ප්‍රථම එක්දින තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්රිතිකරුවන් යුගලය වන පැතුම් නිශ්ශංක හා අවිශ්ක ප්‍රනාන්දු නොදැවි ලකුණු 171ක් ලබාගෙන ස්ථාවර ඉනිමක් ගොඩනැගීම කාලයකට පසුව කැපී පෙනෙන සිදුවීමකි.
ඇෆිගනිස්ථාන් කණ්ඩායම මේ වන විට පන්දු ඕවර 24.3 ක් යවා අවසන් අතර, පැතුම් නිශ්ශංක හා අවිශ්ක ප්‍රනාන්දු යන දෙදෙනාම ලකුණු 85 බැගින් ලබාගෙන වඩාත් ස්ථාවර ඉනිමක් ගොඩ නගා තිබීම විශේෂත්වයක් බව ක්‍රිකට් විස්තර ප්රචාරකයින් පෙන්වා දෙනවා.
Share this NEWS
Subscribe
0 Comments