නාරම්මල වෙඩිතැබීමට අදාළ පොලිස් නිලධාරීයා ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු යෙදූ එකක් බව හෙළිවෙයි
නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් කළ වෙඩි තැබීමෙන් වඩු කාර්මික ශිල්පියකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද (03 දින) දෙවැනි දිනටත් නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලදී.
අදාළ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධව මොතෙක් සිදු කළ විමසීම් අනුව, අදාළ පොලිස් නිලධාරීයා ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සවි කරගෙන භාවිතා කළ එකක් බව අනාවරණය වී තිබෙනවා.
එම අනාවරණය සිදු වුයේ වෙනම බී වාර්ථාවක් මගින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වන අතර, අදාළ යතුරු පැදිය 2007.07.20 දින පෞද්ගලික වෙළදසැලකින් මිල දී ගෙන ඇති බවත්, එය මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි කර හෝ ආදයම් බලපත්‍ර, දුම් සහතික හෝ රක්ෂණය කර නොමැති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.