“උරුමය” හෙට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී සමාරම්භය සනිටුහන් කරයි
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මකවන නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ උදාරතර අරමුණ පෙරදැරිව බිහිවු “උරුමය” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (05 දින) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර, ඒ සඳහා මෙවර 2024 අයවැය මගින් රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇත.
ඒ අනුව උරුමය වැඩසටහන යටතේ, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කර එය භුක්ති විඳි ගොවි ජනතාවට ලබා දීම මෙමඟින් සිදු කෙරෙන අතර, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම සහ අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යාලය යටතේ “උරුමය” ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලයක් ද මේ වන විට ආරම්භ කර ඇති බව හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
කැබිනට් අමාත්‍යවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් හා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් සහ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උරුමය වැඩසටහන ජනගත කිරීම සිදු කිරීමට නියමිත අතර, ලබන 15 වනදායින් පසුව පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.