ලෝක මැරතන් කිරුළ හිමි කිප්ටන් රිය අනතුරකින් මියයයි
වත්මන් මැරතන් ලෝක වාර්තාකරු කෙල්වින් කිප්ටම් සහ ඔහුගේ පුහුණුකරු ගර්වයිස් හකිසිමානා ඉරිදා (11 දින) රාත්‍රියේ රිෆ්ට් නිම්නයේ එල්ඩෝරෙට් නගරයෙන් පිටත රිය අනතුරකින් මිය ගිය බව කෙන්යානු පොලිසිය තහවුරු කළේය.
ටොයෝටා ෆිරිමියෝ රථයක් පැදවූ 24 හැවිරිදි කෙන්යානු මලල ක්‍රීඩකයා සහ ඔහුගේ පුහුණුකරු අනතුර සිදුවූ ස්ථානයේදීම මිය ගිය බව Elgeyo Marakwet පොලිස් ප්‍රධානියා ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා කර සිටියා. Peter Mulinge CNN වෙත පැවසීය.
2023 වසරේ ඔක්තෝම්බර් මාසයේදී චිකාගෝ මැරතන් තරඟයේදී කිප්ටම්ගේ ලෝක වාර්තාගත මැරතන් කාලය 2:00:35 ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් දින කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කරන ලදී. කිප්ටම් එම වාර්තාගත වේගය පිහිටුවීමට වසරකට පෙර කෙටි දුර ධාවන තරගවලින් මැරතන් ධාවනයට මාරු වී ඇත.
Share this NEWS