Home » ඉන්දියාවේ ඒකාබද්ධ සේවා ගෙවීම් අතරු මුහුණත (UPI) ශ්‍රී ලංකාවට හා මොරිෂස් වෙත

ඉන්දියාවේ ඒකාබද්ධ සේවා ගෙවීම් අතරු මුහුණත (UPI) ශ්‍රී ලංකාවට හා මොරිෂස් වෙත

ශ්‍රී ලංකාව හ‍ෙ මොරිෂස් දිවයින් සමඟ ඉන්දියානුවන් දිනපතා සිදු කරනු ලබන ද්වීපාර්ශවීය ගෙවීම් ඉහළ යාම සැළකිල්ලට ගෙන එවැනි ගෙවීම් පහසු කරීම සඳහා ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත (UPI) සේවාවන් අද (12 දින) ශ්‍රී ලංකායට හා මොරිෂස් වෙත හඳුන්වා දෙනු ලැබීය.

අද දින ආරම්භ කරන ලද නව සේවාව නවීන ඩිජිටල් තාක්‍ෂණය සමඟ ඓතිහාසික සබඳතා සම්බන්ධ කිරීමක් ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විස්තර කළේය.

මීට සමගාමීව ඉන්දියාවේ RuPay කාඩ්පත් සේවාවන් ද මොරිෂස් හි දියත් කරන ලදී. ඉන්දීය  අගමැති නරේද්‍ර මෝදි, ඔහුගේ මොරිෂස් සහකරු ප්‍රවින්ද් ජග්නවුත් සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී මාර්ගගත උත්සවයකදී මෙම නව තාක්ෂණික භාවිතයන් හඳුන්වා දෙන ලදී.

Share this NEWS

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
1
0
Would love your thoughts, please comment.x
()
x