විදුලි බිල්පත් ගෙවීමට පහසු ක්‍රම කිහිපයක් හඳුන්වාදෙයි
විදුලි බිල්පත් ඉතා පහසුවෙන් ගෙවිය හැකි නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී ඇති බව ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත දැනුම් දී ඇත.
ඒ අනුව CEB Care යෙදවුම, අන්තර් ජාල බැංකු සේවා, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමෙන්තුව හරහා, ceb.lk ලංවිම වෙබ් අඩවිය හරහා, බැංකු KIOSK යන්ත්‍ර මගින්, සුපිරි වෙළඳසැල් මගින් සහ mCash හරහා ගෙවීම් සිදු කිරීමට පහසුකම් සළසා ඇති බව අදාළ නිවේදනයේ දක්වා ඇත.
ඉහත ක්‍රමවේද හරහා ගෙවීම් සිදු කිරීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් 1987 දුරකථන අංකය අමතා පැමිණිළි ඉදිරිපත් කිරීමෙන් එම ගැටලු අවම කිරීමේ පහසුව ද සළසා තිබේ.
Share this News
Subscribe
0 Comments