වනිදුගෙන් වේගවත් කඩුලු 100ක් | ශ්‍රී ලංකාවට ලකුණු 72 විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර මේ වන විට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලියේ දී වනිදු හසරංග සිය T20 තරග දිවිය වේගවත් කඩුලු 100කින් සටහන් කිරීමට සමත් වුනා.
මේ වන විට අඩුම තරඟ ප්‍රමාණයකින් (තරග 53) වේගවත්ම කඩුලු 100 ලබා ගැනීමේ වාර්තාව රසීඩ් ඛාන් සතු වන අතර, වනිදු හසරංග අද එම වාර්තාවේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුයේ තරග 63කට මුහුණ දෙමින් වීම විශේෂත්වයක්.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 187 ක් ලබා ගත්තා.
ලකුණු 188ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ඇෆිගනිස්ථාන් කණ්ඩායමට පන්දුවාර 17කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 115ක් පමණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය.