ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් – දුවෙකුට දෙන්න තියන හොඳම තෑග්ගක්…
ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීමත්, සන්නිවේදන සහ චින්තන කුලසලතාවයන් වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක ” ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ” ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක සහතිකපත් ප්රදානය බුත්තල යුදගනාව රජමහා විහාරස්ථානයේදී අද (03), යුදගනාව රජමහා විහාරාධිපති, අස්ගිරි පාර්ශ්වයේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය ගල් ටැම් වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ සහ ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, එම උත්සව අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු 6000 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා දස ලක්ෂයක් බිහි කිරීමේ ඉලක්කය ඇතිව ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුල ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක පරිගණක පාඨමාලාවක වටිනාකම රුපියල් ලක්ෂ 25 ක් වන අතර එය සම්පූර්ණයෙන්ම නොමිලයේ දැයේ දුවා දරුවන් වෙත ලබාදීමට ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතා විසින් කටයුතු කරයි. ඒ අනුව, බුත්තල ඩිපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මගින් අද දින සහතික පත් ලබා ගන්නා සිසු සිසුවියන් සම්පූර්ණ කර ඇති අධ්‍යාපනයේ වටිනාකම රුපියල් කෝටි 200 කි.
මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ” අපේ කැම්පස් එක සමාන්‍යයෙන් දිනකට පැය 16ක් විවෘත කරල තියෙන්නේ. සමාන්‍ය රජයේ කැම්පස් එකක් පැය 08ක් විතර තමයි විවෘතව තියෙන්නේ. අපි පැය 16ක් විවෘතව තියන්නේ ළමයින්ට පහසු වෙලාවට ඇවිත් ඉගෙන ගන්න දෙන්න ඕන නිසා. එහෙම විවෘත කරල තියෙන නිසා තමයි මේ ළමයි කෙටි කාලයකින් මේ පාඨමාලාවන් ඉගෙන ගෙන රැකියා කරන මට්ටමට එන්න පුලුවන් වෙන්නේ. ඉස්සර අපිට ව්‍යාපාරයක් පටන් ගන්න මුදල් උවමනායි. ඒ වගේම ඒක ඉදිරියට කරගෙන යන්නත් මුදල් ඕන. හැබැයි දැන් එහෙම නැහැ මොකද කියනවනම් පරිගණයක් ඉස්සරහ ඉඳන්
අපිට දැන් ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්. ඒ කියන්නේ දැන් ව්‍යාපාර ඇඟිලි තුඩු වලට ඇවිල්ල තියෙනව කියන එකයි. ඒ වගේම තමයි රැකියාවක් කරන්න අපි දැන් කොහේවත් යන්න ඕන නැහැ. ගෙදර ඉදන්ම රැකියාවත් කරන්න පුලුවන්. ඒ කියන්නේ රැකියාවත් පරිගණකයක් ඉදිරිපිට ඉඳගෙන කරන මට්ටමට දැන් ඇවිල්ල තියෙනවා කියන එක නේද? තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් රැකියා මිලියනයක් ලබා දෙන වැඩ පිළිවෙලත් මම දැන් ආරම්භ කරල තියෙන්නේ. ඒ විදයට මම දෙන රැකියා මිලියනයෙන් 1% ක ප්‍රමාණයක් ඒ කියන්නේ දහ දාහක පිරිසක් පරිගණකයෙන් කරන ව්‍යාපාර පටන්ගත්තොත් ඔවුනුත් තව මිලියනයකට රැකියා ලබා දේවි. ඒ කියන්නේ අද මේ ඉගෙන ගන්න පිරිස ව්‍යවසායකයන් බවට පත්වෙලා තවත් පිරිසකට රැකියා ලබා දෙන එක තමයි මම බලාපොරොත්තු වෙන්නෙත්. අපේ කැම්පස් එකේ ව්‍යාපෘති 325 ඉවර කරනව කියන්නේ ඔයාල ලෝකයේ තියෙන හොඳම රැකියාවක් කරන මට්ටමට ඇවිල්ල තියෙනවා කියන එකයි. ඒ කියන්නේ හොඳ වෙබ් සයිට් එකක් ඔයාලට හදන්න පුලුවන් කියන එකයි. ඔයාල මේ ව්‍යාපෘති 325 ඉවර කලාට පස්සේ විශ්ව විද්‍යාල වලින් උපාධියක් ගන්න අවශ්‍ය පරිසරයත් මම හදල තියෙන්නේ. ඒ සඳහා මොරටුව විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය සහ රුහුණු විශ්ව විද්‍යාල දැනටමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මම මේ දරු දැරියන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලනවා ළමයට මේ සහතිකය විතරක් අරන් දීල නවත්වන්නේ නැතුව උපාධියත් ගන්න උනන්දු කරවන්න කියල. මේ කැම්පස් වලින් උපාධිය ගන්නව කියන්නෙම එයාල පොහොසතෙක් ” යැයි ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා පැවසීය.
” දුවෙකුට දෙන්න පුලුවන් හොඳම තෑග්ග තමයි තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උගන්වන එක. මොකද මම එහෙම කියන්නේ දුවෙක් බැඳල බාබාල ඉන්න කොට රැකියාවක් කරන්න අමාරුයි. හැබැයි තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක් කරනව කියන්නේ එයාට ගෙදර ඉඳන් බබත් බලාගෙන රැකියාවත් කරන්න පුලුවන් කියන එකයි. ඉදිරියේදී පවුලක දෙන්නම රැකියාවක් කරන්නෙ නැතුව ජීවත් වෙන්න අමරුයි. ඒක ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම පොදුයි. අපි රට පොහොසත් කරන්න නම් මොකක්ද කල යුත්තේ. මම විශ්වාස කරන්නේ ගම පොහොසත් විය යුතුයි කියල. ගම පොහොසත් වෙන්න නම් අපේ පවුල පොහොසත් විය යුතුයි. පවුලයි. ගමයි පොහොසත් වෙනවා කියන්නේ රට පොහොසත් කියන එකයි. ඒ වගේම අපේ රටේ අධ්‍යාපනය පෙර පාසල් වයසෙ ඉඳලම හැදෙන්න ඕන. මූලික වශයෙන්ම පෙර පාසල් අධ්‍යාපනය දැයේ දු දරුවන්ට අපි හරියටම ලබා දිය යුතුයි. මොකද කියනවනම් ළමයකුගේ මොළයෙන් වැඩි ප්‍රමාණයක් වැඩෙන්නේ අවුරුදු 05ක කාලය තුල. පෙර පාසල් අධ්‍යාපනය සුහුරු පන්ති කාමර තුල සිට අපිට ලබා දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා. ශ්‍රී ලංකාවේ පෙර පාසල් 30000ක් විතර තියෙනවා. මම පෙරපාසල් 1000ක් සුහුරු පෙර පාසල් විදියට හදලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයත් අපි හදන්න ඕන. ඒ වෙනුවෙන් මම සුහුරු පන්ති කාමර 675ක් මේ වන කොට හදල තියෙනවා. මම අපේ ස්වාමීන් වහන්සේලා ගැනත් කතා කල යුතුයි. ස්වාමීන් වහන්සේලා කියන්නේ මුළු ජීවිතයම දන් දීපු අය. මොකද මම එහෙම කියන්නේ උන්වහන්සේලා මුළු ජීවිත කාලයම සමාජ සේවය වෙනුවෙන් කැප කරල ඉන්නේ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා උන්වහන්සේලාට කෘත ගුණ සැලකිය යුතුයි. ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනය වෙනුවෙන් පිරිවෙන් 400 කට සුහුරු පන්ති කාමර මේ වන විට ලබා දීල තියෙනවා. තව පිරිවෙන් 400 කට සුහුරු පන්ති කාමර ලබා දෙන්න තියෙනවා. ඒවායේ කාමර පහසුකම් නැහැ. බණ මඩුවෙ තමයි හාමුදුරුවන් අධ්‍යාපනය ලබන්නේ. ඉතිරි පිරිවෙන් සඳහාත් සුහුරු පන්ති කාමර ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙල මම සකස් කරලයි තියෙන්නේ. පන්සලයි. ගමයි එකතු වුනොත් විතරයි මේ තියෙන සංස්කෘතියත් එක්ක අපට මේ රට ගොඩ දාගන්න පුලුවන් වෙන්නේ” යැයි ධම්මික මහතා වැඩි දුරටත් පැවසුවේය.
Share this NEWS