Home » කොළොම්බියා රජය සහ දෙවන මාර්කේටාලියා සාම ක්‍රියාවලියක් අරඹයි.

කොළොම්බියා රජය සහ දෙවන මාර්කේටාලියා සාම ක්‍රියාවලියක් අරඹයි.

කොලොම්බියාවේ රජය සහ දෙවන මාර්කේටාලියා ලෙස හැඳින්වෙන හිටපු FARC කැරලිකාර කණ්ඩායමේ විසම්මුතික කන්ඩායමක් සාම ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් දෙපාර්ශ්වයම එහි ආර්ථිකයන් උත්තේජනය කිරීමට උපකාරී වන දේශසීමා සාම කලාප නිර්මාණය කිරීමේ සැලසුම් සකස් කරමින් දිගු කාලීන සාමයක් උදේශා කැපවී සිටී.

යෝජිත දේශසීමා සාම කලාපවල සාමාන්‍යය ජනතාවගේ සහ විශේෂයෙන් ජනවාර්ගික ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට දෙපාර්ශවයම එකඟවී තිබීම විශේෂත්වයකි.

කොළොම්බියාවේ සිටි වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ ආන්ඩුව, ජීවිත 450,000කට වඩා බිලිගත් දශක හයක අභ්‍යන්තර සන්නද්ධ ගැටුමට තිත තැබීමට නව සාම ප්‍රවේශය බලාපොරොත්තු වන බව පවසයි.

2016 සාම ගිවිසුමක් යටතේ කොලොම්බියාවේ විප්ලවවාදී සන්නද්ධ බලකායේ (FARC) බොහෝ සාමාජිකයින් සාම මාවතට ප්‍රවිශ්ඨ වුවද, ප්‍රධාන පාර්ශවයන් දෙකක් සාම මාවත ප්‍රතික්ෂේප කළේය. ඔවුන් දිගින් දිගටම මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ නීතිවිරෝධී පතල් කැණීම්වල නිරත වී ඇති බව ආරක්ෂක අංශ පවසයි. එවැනි පසුබිමක කොළොම්බියාවේ නව සාම ක්‍රියාවලිය වැදගත් කඩඉමක් වනු ඇත.

Share this NEWS

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments