Nilanthi Perera

ජනතාවගේ ආර්ථික තත්ත්වය සලකා ගෑස් මිළ වැඩි කරන්නෑ… – ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස්

අද (පෙබරවාරි 02) වැනිදා ‍ කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූවේ පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බවයි ඒ අනුව දැනට ගෑස් මිළ ලෝක වෙළඳ පොළ තුළ යම් වැඩිවීමක් තිබුන ද ඒ මිළ වැඩිවීම සමාගමක් වශයෙන් දරා ගැනීමට…

Read More

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මතපාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද දින (02) නිකුත් කෙරේ. පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් (www.moe.gov.lk) ලබා ගත හැක. තවද, සිසුන්ට ලැබී ඇති පාසල් 2024.02.05 දින සිට https://g6application.moe.gov.lk/#/ සබැඳිය ඔස්සේ පරීක්ෂා කර ගත හැක

Read More

මාර්තු මාසයේ සිට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නවා…

-අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙරට පාසල්වල 1-5 ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් ඒ අනුව දිනකට ඒ වෙනුවෙන් වෙන්ව ඇති මුදල රුපියල් 110ක් දක්වා වැඩිකරමින් එළඹෙන මාර්තු මාසයේ සිට එම ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා…

Read More

අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ඇරඹෙයි.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තර පත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ගෙවීමට සැලසුම් කර තිබෙනවා.

Read More

සයිනොපෙක් සමාගමත් සිපෙට්කෝ ගිය මඟ යයි.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368ක් වනවා. එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල්…

Read More

අනවශ්‍ය ලෙස සීමා පැනැවීම ආයෝජන කටයුතුවලට පමණක් නොවෙයි, ඩිජිටල් ආර්ථික සංවර්ධනයට බාධා විය හැකියි.

-ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසයි. ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ඔන්ලයින් පනත නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ඇති බාධාවක් බවය. ඊට අමතරව, මෙම නව පනත මගින් නවෝත්පාදනයට සහ පෞද්ගලිකත්වයට බාධාවක්…

Read More

පැරෂුට් භටයන් සිව්දෙනෙකු අනතුරට ලක්වීමට හේතුව අනපේක්ෂිත සුළං ප්‍රවාහයක්..

නිදහස් දින පෙරහුරුවක් අතරතුර පැරෂුට් පුහුණුවේ දී සිදුවු අනතුරින් තුවාල ලැබූ ගුවන් හමුදාවේ සහ යුද හමුදාවේ නිලධාරියාගේ සුවදුක් විමසීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා යුද හමුදා රෝහලට සහ ජාතික රෝහලට ගොස් තිබේ. ඔවුන් හතරදෙනාගේ ප්‍රතිකාර තත්ත්වය පිළිබඳව ද මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සොයාබලා ඇති අතර, වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ඉදිරි ප්‍රතිකාර…

Read More

මෙරට සියලු පෙර පාසල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගතව එක් පොදු රාමුවකට -ඇමති සුසිල් ප්‍රේමජයන්ත

වයස අවුරුදු තුනත් පහත් අතර දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් දැනට ක්‍රියාත්මකව පවතින මෙරට සියලු පෙර පාසල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගතව එක් පොදු රාමුවකට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අධ්‍යාපන අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව නුපුහුණු පෙර පාසල් ගුරුවරුන් වෙත විධිමත් පුහුණුවක් ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙය වීම…

Read More