කතානයකවරයාට තවත් විශ්වාස භංගයක්?
මාර්ගගත සුරක්ෂිත පනත මේ වන විට පාර්ලීමේන්තුවේ වැඩි ඡන්දයෙන් අනුමත වී, කතානයකවරයා එය සහතික කළත් ශ්‍රේෂ්ඨාධිකරණය එම කෙටුම්පත සම්බන්ධව ලබාදුන් සංශෝධන පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීමේදී කතානායකවරයා අදාළ සංශෝධනවලින් කොටසක් මඟහරිමින් කටයුතු කළේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා නගනවා.
ඒ අනුව, ලබාදුන් සංශෝධනයන්හී ස්ථාන 9කදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව සජබ නීතිඥ කණ්ඩායමක් එම පනත සම්බන්ධව සිදු කළ විශ්ලේෂණයකින් අනාවරණය වන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
‘ජවය’ ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂ හමුවට (3 දින) එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා ඇති අතර, කතානායකවරයාට එරෙහිව ඉදිරියේදී මේ කාරණය සම්බන්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියා.