අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේ අරමුණින්, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 108 වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කරනු ලබයි. මෙම පරීක්ෂකවරුන් සිදු කරන්නේ සමාජයට ඉටු කෙරෙන ගෞරවනීය සේවයක් වන අතර, දවසේ ඕනෑම වේලාවක එම සේවාව ලබා දීමට ඔවුන් බැඳී සිටී.
කෙසේ වෙතත්, මියගිය අයගේ ඥාතීන් පසුවන දැඩි මානසික පීඩනය සහ සංවේදී තත්ත්වය අවස්ථාවක් කර ගනිමින්, ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් එම ඥාතීන්ගෙන් අල්ලස් ලෙස මුදල් හෝ වෙනත් වරදාන සහ වරප්‍රසාද ඉල්ලා සිටින බවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට නිරන්තරයෙන් පැමිණිලි ලැබෙමින් පවතී.
හදිසි මරණ පරීක්ෂකවරයෙකුට මුදල් හෝ කිසිදු ආකාරයක ප්‍රතිලාභයක් ලබාදීම නීති විරෝධී ක්‍රියාවකි. එබැවින්, එවැනි අයුතු ඉල්ලීමක් සිදු වුවහොත් කිසිදු බියකින් තොරව වහාම පහත අංක වෙත පැමිණිලි කරන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
-
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය (WhatsApp): 070 2724637
-
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව: 1954

